හ/වෑකඳවල ජනපද මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ගුවන් සිත්තරා චිත්‍ර තරඟය - සිසු දක්ෂතා

20221205_110350.jpeg
1.jpg

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය පුරවරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

වර්ෂ 1971 අගෝස්තු 01 වැනි දින වෑකඳවල ගම්මානයේ ආරම්භ වූ පාසලේ මුල්ම ගුරුභවතුන් වූයේ එස්. ඩබ්ලිව්. ඒ. විලියම් සිල්වා මහතා සහ එච්. එච්. දයාවතී මැතිනියයි.

ආරම්භයේ දී අප පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් සංඛ්‍යාව 210 ක් පමණ වන අතර එකල අප පාසල සතු වූ ගොඩනැගිලි ගණන එකකි. පාසලේ නිර්මාතෘ ලෙස කටයුතු කළේ එස්. ඩබ්ලිව්. ඒ. විලියම් සිල්වා මහතාය. පාසලේ මුල්ම විදුහල්පතිවරයා  වූයේ බී. එම්. උළු වඩුගේ මහතාය.

පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස කේ.එච්.ඒ. ආනන්ද සිසුවා පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත.

දින පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, පසුකාලීනව නව ගොඩනැගිලි දෙකක්, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය.

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය, පරිගණක ඒකකය , පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

පසුව ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 33ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 08කින් සමන්විතය. හයසියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "සැවොම සමාජයට අවශ්‍ය පුද්ගලයන් කරමු" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2025 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1971 අගෝස්තු 01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

210

මුල් ගුරුතුමාගේ නම

එච්.එච්. දයාවතී මැතිණිය

එස්.ඩබ්.ඒ. විලියම් සිල්වා මහතා

පාසලේ ආදි කතෘගේ නම

එස්.ඩබ්.ඒ. විලියම් සිල්වා මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

හ/මුරුතවෙල II කනිටු විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

එස්.ඩබ්.ඒ. විලියම් සිල්වා මහතා

පාසල පැවැත්වූ ස්ථානය

මුරුතවෙල ජනපදයේ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

කේ.එච්.ඒ.ආනන්ද

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1971