නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
S D C තරංග මයා
අභිමානවත් වසර ගණනාවකට උරුමකම් කියන්නා වූ හා වෑකඳවල මහා විද්‍යාලයේ වෙබ් අඩවිය සඳහා පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම ඉමහත් සතුටට කාරණයකි.
විවිධ අභියෝග සඳහා සාර්ථකව මුහුණ දෙමින් අපේ දුවා දරුවන් දැනුමෙන් කුසලතාවයෙන් මෙන්ම යහපත් ආකල්ප වලින් පෝෂිත කර සමාජයට මුදා හැරීම අප විද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය කාර්යමණ්ඩලයේ අභිප්‍රාය වන අතර යම් දිනයක ජනපද විදුහල් මෑණියගේ නම බබලවන්නට දිය හැකි උපරිම දායකත්වය සැපයීමට බලාපොරොත්තු වෙමි. කුමන ව්‍යසනකාරී වාතාවරණයක වුව දරුවන්ට නැගී සිටීමට නිබඳ ශක්තිය වෙමින් සෑම අතින්ම පෝෂිත දරු පරපුරක් රටට දැයට අප විදු බිමෙන් දායාද වනු ඇතැයි අපේක්ෂාවයි.
S D C තරංග මයා
නියෝජ්‍ය විදුහල්පති
හ/වෑකඳවල ජනපද මහා විද්‍යාලය.






