හ/වෑකඳවල ජනපද මහා විද්‍යාලය

ගුවන් සිත්තරා චිත්‍ර තරඟය - සිසු දක්ෂතා

20221205_110350.jpeg
1.jpg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-9)

  • කොන්ඩය පාසලට ගැලපෙන පරිදි කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය. තමාගේ මුහුණ හා කන අතර කොටස  කනෙහි උසෙන් අඩක් වන සේ කොටට කපා තිබිය යුතු වන අතර ඉතා පටු වන පරිදි දෙපසින් නොගෑවිය යුතුය.
  • තමාගේ උරහිසෙහි දෙකෙළවර වැසෙන සේ කමිසයේ  උරහිස තිබිය යුතුය.
  • අත්කොට කමිසයත් වල දිග තම අත  අංශක 90 ට   නැමු පසු කමිස අතෙහි යට කෙලවර පහළ බාහුවේ ගෑවෙන සේ තිබිය යුතුය.
  • සුදු කමිසයෙ ාක්කුවේ මධ්‍යයේ පාසල් ලාංඡනය ස්ථිරව   අමුණා තිබිය යුතු අතර පාසලේ තමා දරන විවිධ තනතුරුවලට අදාළ නිල ලාංඡනය ට වම්පසින් පැළඳිය යුතුය.
  • සාක්කු සංඛ්‍යාව එකක් පමණක් තිබිය යුතුය.
  • කමිසයේ අත්වල කෙළවර පළල ම අතේ ප්‍රමාණය මෙන් එකයි කාලක් විය යුතුය.
  • බොත්තම් පටි නොතිබිය යුතු අතර කමිසයට ගැලපෙන බොත්තම් තිබිය යුතුය.
  • කලිසමේ රැළි සංඛ්‍යාව පැත්තකට දෙකකි. රැලිවල උස කලිසමේ උසින් තුනෙන් එකක් විය යුතුය.
  • කලිසමේ උස  ඉණෙහි සිට දණහිස දක්වා විය යුතුය.
  • සාක්කු සංඛ්‍යාව ඉදිරිපසට දෙකකි. පසුපසට එකකි. සාක්කුවල කිසිදු ලේබලයක් නොතිබිය යුතුය.
  • අත් වල විවිධ නූල් පටි නොබැඳිය යුතු අතර මාල වළලු මුදු ද නො පැළඳිය යුතුය.
  • කලිසමේ කකුලේ පහළ කොටසේ  පළල තමාගේ කකුලේ වට ප්‍රමාණය මෙන් එකයි කාලක් විය යුතුය.
  • සුදු සපත්තු හා මේස් පැලඳිය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔරලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)

  • කොන්ඩය පාසලට ගැලපෙන පරිදි කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය. තමාගේ මුහුණ හා කන අතර කොටස  කනෙහි උසෙන් අඩක් වන සේ කොටට කපා තිබිය යුතු වන අතර ඉතා පටු වන පරිදි දෙපසින් නොගෑවිය යුතුය.
  • තමාගේ උරහිසෙහි දෙකෙළවර වැසෙන සේ කමිසයේ  උරහිස තිබිය යුතුය.
  • අත්කොට කමිසයත් වල දිග තම අත  අංශක 90 ට   නැමු පසු කමිස අතෙහි යට කෙලවර පහළ බාහුවේ ගෑවෙන සේ තිබිය යුතුය.
  • සුදු කමිසයෙ ාක්කුවේ මධ්‍යයේ පාසල් ලාංඡනය ස්ථිරව   අමුණා තිබිය යුතු අතර පාසලේ තමා දරන විවිධ තනතුරුවලට අදාළ නිල ලාංඡනය ට වම්පසින් පැළඳිය යුතුය.
  • සාක්කු සංඛ්‍යාව එකක් පමණක් තිබිය යුතුය.
  • කමිසයේ අත්වල කෙළවර පළල ම අතේ ප්‍රමාණය මෙන් එකයි කාලක් විය යුතුය.
  • බොත්තම් පටි නොතිබිය යුතු අතර කමිසයට ගැලපෙන බොත්තම් තිබිය යුතුය.
  • සාක්කු සංඛ්‍යාව ඉදිරිපසට දෙකකි. පසුපසට එකකි. සාක්කුවල කිසිදු ලේබලයක් නොතිබිය යුතුය.
  • අත් වල විවිධ නූල් පටි නොබැඳිය යුතු අතර මාල වළලු මුදු ද නො පැළඳිය යුතුය.
  • බඳපටිය නො පැළඳිය යුතු අතර ඒ සඳහා ආධාරක කොකු කලිසමේ නොතිබිය යුතුය.
  • කලිසමේ රැළි සංඛ්‍යාව දෙපැත්තට දෙකකි. රැලිවල උස අඟල් 8ට නොවැඩි විය යුතුය( මදින විට සැලකිලිමත් වන්න)
  • කලිසමේ උස  ඉණෙහි සිට විලුඹ දක්වා විය යුතුය.
  • කලිසමේ කකුල පහළ කොටසේ පළල  කුලේ පහල කොටසේ වට ප්‍රමාණය මෙන් දෙගුණයක් විය යුතුය. 
  • සුදු සපත්තු හා මේස් පැලඳිය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔරලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (1-13)

  • කොන්ඩය කපන අය ගවුමේ පසුපස කොලරයපෙනෙන සේ කපා පැත්තට බෙදා පීරා තිබිය යුතුය.
  • පාසලට ගැලපෙන විලාසිතා නොවන ආකාරයේ කරාබු යුගල පැළඳිය යුතුය.
  • කොණ්ඩය වවන අය දෙකට මැදින් බෙදා පීරා කරල් දෙකකට ගොතා අගින් නම මෙරුන් පාට රිබන් පටි දෙකකින් බැඳිය යුතුය. 
  • හැට්ට කොටසේ ඉදිරිපස විවරය දිග උපරිම අඟල් 4 කි. කොලරයේ උස අඟල් 3කි.
  • පාසල් ලාංඡනය සුදු ගවුමේ ඉහල(  හැට්ටය) කොටසේ වම් පැත්තේ කොලරයට මදක් පහළින් හැට්ටය කොටසේ උසින් තුනෙන් දෙකක උසින් පාසල් ලාංඡනය ස්ථිරව  අමුනා තිබිය යුතු අතර පාසලේ තමා දරන තනතුරු වලට අදාල නිල ලාංඡන ඊට පහළින් පැළදිය යුතුය.
  • හැට්ටයේ අත්වල දිග උරහිසේ සිට වැලමිට දක්වා උසින් භාගයක් විය යුතුය.
  • හැට්ට කොටසේ උස කරෙහි සිට වැලමිට දක්වා විය යුතුය.
  • නිල ඇඳුමට ගැළපෙන සේ පාසල් කරපටිය නිසි ලෙස පැලැඳිය යුතුය. 
  • බඳපටිය සුදු ගවුමේ ඉහල කොටස( හැට්ටය) හා පහළ කොටස( සාය) සම්භන්ධ වන ස්ථානයේ ඉනට ගැළපෙන සේ අමුනා තිබිය යුතුය. 
  • සාය කොටසේ උස ඉනෙහි සිට තමන්ගේ දණහිස වැසෙන සේ තිබිය යුතුය.
  • සාය කොටසේ රැලි සංඛ්‍යාව රැලි 16ක් විය යුතුය.
  • අත් වල විවිධ නූල්  පටි නො පැළඳිය යුතුය.
  • සුදු සපත්තු හා මේස් පැලඳිය යුතු  අතර  මේස් වල උස සපත්තු පැළඳි විට සපත්තුවේ යට කොටසේ සිට දනහිස දක්වා උසින් තුනෙන් එකක් විය යුතුය.