හ/වෑකඳවල ජනපද මහා විද්‍යාලය

ගුවන් සිත්තරා චිත්‍ර තරඟය - සිසු දක්ෂතා

20221205_110350.jpeg
1.jpg

 

විදුණැන පාදන සමගිය සාදන

ජනපද විදුහල් මෑණි මගේ

ඔබේ දරු පරපුර මහ පඬුවන් කර

මවුනි දයාබර සැරදේවා…./

 

ගණිත මිණිත  ඈ සිප් සතරින්

ගුරු දෙගුරුන් ඔවදන් ඇසුරින්

හැදී වැඩී ගුණයෙන් නුවණින්

රකිමු රකිමු ඔබ දිවි හිමියෙන්

 

කළගුණ සලකන නීතිය හඳුනන

පුරවැසියන් බිහි කර පිරිපුන්

වෑකඳවල ජනපද  විදු මෑණි

ජයවේවා ලැබ කිත් පැසසුම්

 

රටට දැයට ආගමට මෙන්ම මතු

රුහුණුපුරට ඔබ  තනයි අමිල මුතු

සදා ඔබේ ගුණ වඩා බැතින් අපි

දෙපා  වඳින්නෙමු මෑණියනි.